විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ලක්ෂ 50 ක් මුද්‍රණය කිරීම පෞද්ගලික සමාගම් දෙකකට පිරිනැමීම සඳහා ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය කර ඇති නිර්දේශ දෙකම ප්‍රතික්ෂේප කර එය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට පැවරීමට රජය තීරණය කර ඇතැයි වාර්තාවේ.
ඒ සඳහා වන යෝජනාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කැබිනට් මණ්ඩලය වෙත අද (24) ඉදිරිපත් කරන ලදැයි දැනගන්නට තිබේ.
ඒ අනුව විද්‍යුත් ජාතික හැඳුනුම්පත් මුද්‍රණය ආරක්ෂක අමාත්‍යාංශයේ අධිකරණය යටතේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් සිදු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ලක්ෂ 15 ක් පමණ වාර්ෂිකව අවශ්‍ය වනු ඇතැයි ගණන් බලා ඇත.
මෙම විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ලක්ෂ 50 මුද්‍රණය කිරීම පෞද්ගලික සමාගම් දෙකකට දීමට පසුගිය ආණ්ඩුව සමයේ පත් කරන ලද ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය තීරණය කර තිබිණි.
එම නිර්දේශ දෙකම ප්‍රතික්ෂේප කර විද්‍යුත් ජාතික හැඳුනුම්පත් මුද්‍රණ දෙපාර්තමේන්තුවට බාර දෙන්නැයි ජනාධිපතිවරයා යෝජනා කර ඇත.