අද දින (20) ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලධාරීන් තෝරාපත් කර ගැනීම සඳහා පැවති මැතිවරණයේ දී එහි සභාපති ධුරයට ජනාධපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස ද (ඡන්ද 4677) ලේකම් ධුරයට නීතිඥ කෞෂල්‍ය නවරත්න (ඡන්ද 5074) ද තේරි පත්වූහ.
නීතිඥ සංගමය කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොකර ස්වාධීන ආයතනයක් ලෙස පවත්වා ගෙන යාමට කටයුතු කරන බව නව සභාපතිවරයා පැවසීය.