ලංකා විදුලිබල මණ්ඩලය විසින් කුලී පදනම මත ලබාගෙන ඇති වාහන සඳහා මාසකට ලක්ෂ 2500කට ආසන්න මුදලක් ගෙවන බව එහි ප්‍රවාහන සේවක සංගමයේ සභාපති ඒ.කේ. රංජිත් සුබවීර පවසයි.
ඒ අනුව වාර්ෂිකව අවම වශයෙන් බිලියනකට ආසන්න මුදලක් ඒ වෙනුවෙන් වැය කරන බවත්, මණ්ඩලය මෙම වියදම දරන්නේ එය සතුව වාහන 3000කට වැඩි සංඛ්‍යාවක් තිබියදී බවත් ඔහු කීය.
සභාපතිවරයා සඳහන් කරන පරිදි මණ්ඩලය විසින් කුලී පදනම මත ලබාගෙන ඇති වාහන සංඛ්‍යාව 2500කට අධිකය. සාමාන්‍යයෙන් ඔවුන්ට මසකට රුපියල් අසූ දහසේ සිට එක්ලක්ෂ හැට දහස දක්වා මුදලක් ගෙවනු ලබයි.
පාඩු ලබන ආයතනයක්ව ඇති ලංකා විදුලිබල මණ්ඩලයේ වාහන අවභාවිතය පිළිබඳව දන්වා රජයේ විගණකාධිපති විසින් පාර්ලිමේන්තුවට වාර්තාවක්ද ලබාදී තිබේ.
ආයතනය සතු වාහන ගාල්කර තිබියදී කුලී පදනම මත ලබාගෙන ඇති වාහන ධාවනයට යෙදවීම නිසා ආයතනයේ රියැදුරන්ද අසරණව ඇති බව ඔහු පෙන්වා දෙයි.