තිරිගු පිටි මිල වැඩි කිරීම නීති විරෝධී බවත් ඒ වෙනුවෙන් වහාම නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් පාරිභෝගිය අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
ඊයේ (15) මධ්‍යම රාත්‍රී සිට තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 8කින් ඉහළ නැංවීමට ප්‍රීමා සමාගම කටයුතු කර තිබේ. ප්‍රීමා තිරිඟු පිටි නියෝජතයන් පවසන්නේ තිරිඟු පිටි මල ඉහළ දමන ලෙස සමාගම උපදෙස් දී ඇතැත් ඒ සඳහා හේතුවක් ඉදිරිපත් කර නොමැති බවය.
මේ නිසා බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාමට හැකියාවක් ඇති අතර අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස ප්‍රකාශයට පත්කර තිරිගුපිටි මිල සමාගම්වලට අවශ්‍ය ආකාරයට සංශෝධනය කල නොහැකි බව එම සංගමය පවසයි.