බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 10992කට වැසිකිළි පහසුකම් නොමැති බව හෙළිවිය. ඊයේ (15දා) දා පැවැති බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදි මේ බව අනාවරණය විය.
බදුල්ල දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ එම්.කේ. ටියුෂන් මෙහිදී පැවසුවේ පවුල් 10992 කට වැසිකිළි පහසුකම් නොමැති බවත් මේ පවුල් අතරින් 4389ට ඇත්තේ තාවකාලික වැසිකිළි බවත්ය.
රජය ඉකුත් අයවැයේදි මෙම වැසිකිළි ප්‍රශ්නයට මුදල් වෙන් කළත් ඒවා ලැබී නැති බව මෙහිදි අනාවරණය විය. මේ පිළිබඳව ජල සම්පාදන හා සනීපාරක්ෂක අමාත්‍යාංශයේ අවධානය යොමුකිරීමට දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව තීරණය කළේය.