77ක් ඉද්දි නොරෙච්චෝලේට තවත් චීන ඉංජිනේරුවන් 19ක්…! මාසික වැටුප් මිලියන 660යි…!

September 10, 2023 at 12:05 pm | by emanisa.lk

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ නඩත්තු කටයුතු සඳහා මාසයකට රුපියල් මිලියන හයසීය හැටකට අධික වැටුප් ගෙවමින් අලුතින් චීන ඉංජිනේරුවන් දහනවදෙනකු බඳවා ගැනීමට ලංවිම කටයුතු ආරම්භ කරමින් ඇතැයි වාර්තා වෙයි.

ඒ දැනටමත් චීන ඉංජිනේරුවන් 77 දෙනකු සේවයේ යෙදී සිටියදීය.

මෙම බලාගාරය ඉදිකිරීමේ දී තාක්ෂණික උපදෙස් ලබා ගැනීමට බඳවාගත් ඉංජිනේරුවන් දිගින් දිගටම රඳවා ගනිමින් චීන ඉංජිනේරුවන් 77 දෙනාට මාස හයකට වරක් ඇමරිකානු ඩොලර් මිලියන තුනකට අධික මුදල් ප්‍රමාණයක් වැය කරන්නේ නීතිපති උපදෙස් ද ලබා නොගෙන යැයි බව ද අනාවරණය වෙයි.

අලුතින් නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයට බඳවා ගැනීමට යන චීන ඉංජිනේරුවකුට දිනකට ඇමෙරිකානු ඩොලර් පන්සීයකට අධික මුදලක් ගෙවිය යුතුව ඇතැයි ලංවිම අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අදාළ පත්‍රිකාවේ සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *