කොරියාවේ රැකියාවක් ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක් වංචා කළ බව කියන රංගන ශිල්පී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා මීට සුළු මොහාතකට පෙර කොටුව අධිකරණයට බාරවූහ.
එහි දී මාධ්‍ය අමතමින් දමිතා අබේරත්න මෙසේ ද කීය.
“මම කිසිසේත්ම හැංගුණේ නෑ. දමිතා කියන්නේ මේ රටේ හැංගෙන්න පුළුවන් චරිතයක් නෙමෙයි. මම 69 ලක්ෂයක් ඡන්දේ ගත් කාලකන්නි ක්‍රමවේදයට එරෙහිව අරගල කළ ගැහැනියක්. මම අද අධිකරණයට කැමැත්තෙන් භාරවෙනවා. ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා. අලුත් අවුරුද්ද හිරගෙදර සමරනවා.”
කෙසේ වුව ද අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර එය ප්‍රතික්ෂේප වීමෙන් පසු අධිකරණයෙන් පිටව යාමට සූදානම් වූ අවස්ථාවේ සී.අයි.ඩිය විසින් එම යුවල අත්අඩංගුවට ගන්නා ලදි.