නිවාඩුවට ලංකාවට පැමිණෙන ඇමරිකන්කාරයෙකු වන බැසිල් රාජපක්ෂට මේ රටේ තැබිය යුතු මැතිවරණය තීණ්දු කළ හැකි දැයි මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර ප්රශ්න කරයි.
69 ලක්ෂයක් ජනතාව පොහොට්ටුවට ඡන්දය ලබා දුන්නේ රාජපක්ෂ පවුලෙන් තව තවත් ජාතික නායකයින් බිහි කිරීමට නොවන බවයි, ඔහු අවධාරණය කළේ.
මේ අවස්ථාවේ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු නැත්තේ බැසිල්ගේ පොහොට්ටුවට බවත් ජනතාවගේ පොහොට්ටුවට දිලිත් ජයවීර සිටින බවත් හෙතෙම කීය.
පොහොට්ටුවේ ලාංඡනය මෙන් ම අලුත් ශ්රී ලංකාවක් තේමා පාඨය ද තමා සියතින් නිර්මාණය කළ බවත් පොහොට්ටුව අයිති තමන්ට බවත් දිලිත් ජයවීර වැඩි දුරටත් කීය.
මව්බිම ජනතා පක්ෂයේ බදුලු සමුළුව අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.