44%ක් තවම ඡන්දය දෙන හැටි තීරණය කරලා නෑ… ආර්ථිකය ගොඩගන්න හැටි කවුරුත් රටට කියලත් නෑ…! – ධම්මික පෙරේරා…

July 5, 2024 at 2:34 pm | by emanisa.lk

මෙරට ලොකුම දේශපාලන පක්‍ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස තමා නම් කළ හොත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි.

කොළඹ 7, රොස්මිඩ් පෙදෙසේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිනයන්ගේ මධ්‍යස්ථානය වෘවෘත කිරීමෙන් පසුව හෙතෙම මේ බව සඳහන් කළේය.

ජනාධිපති අපේක්‍ෂක ධූරය බලාපොරොත්තුවෙන් පොදුජන පෙරමුණට වැඩ කරන බව කී ඒ මහතා මැතිවරණය ජය ගැනීමට වැඩකටයුතු කරමින් සිටින බව ද සඳහන් කළේය.

වර්තමානය වන විට රටෙන් සියයට 44 ක් ඡන්දය දෙන්නේ කාටද යන්න තීරණය කර නොමැති බවත් වේදිකාවල කොතරම් ලොකුවට කථා කළත් ආර්ථිකය දියුණු කරන්නෙ කෙසේද යන්න කිසිවෙක් නොකියන බවත් ඒ මහතා කීය.

වේදිකාවට පැමිණිය හොත් ආර්ථිකය දියුණු කිරීමේ වැඩපිළිවෛළ කිවයුතු බැවින් ඒ වැඩපිළිවෙළ සකස් කරමින් සිටින බව ද කී ධම්මික පෙරේරා මහතා සමහර දේශපාල පක්‍ෂ අවුරුදු දෙකක් තිසේසේ ජනාධිපතිවරණ ප්‍රචාරයන් කළ ද රටේ ආර්ථිකය හදන්නෙ කොහොම යැයි පැහැදිළි කර නොමැති බව ද පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *