උතුරු පළාතේ නිවාස 7000කට වහා ම විදුලිය..

November 6, 2020 at 12:25 pm | by emanisa.lk

යාපනයේ සහ කිලිනොච්චිය නගරවල විදුලිය නොමැති නිවාස 7000 කට කඩිනමින් විදුලිය ලබා දීම සඳහා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක හා මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අවධාරණය කරයි.

ඒ පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම දැනුම්වත් කරන බව ඇමතිවරයා පැවසී ය.

ජන කණ්ඩායම් අතර විරසකභාවයක් ඇති විමට මෙවැනි කරුණු බලපාන බැවින් කඩිනමින් යාපනය හා කිලිනොච්චි ජනතාවට විදුලිය ලබාදීමේ වැඩ පිළිවෙළක් සකස් කරන ලෙසට ද නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ජොන්ස්ටන් අමාත්‍යවරයා මේ බව පැවසුවේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්ලයාලයේ පැවත්වෙන රැස්වීමේ දී යාපනය දිස්ත්‍රික්කය නියොජනය කරන මැති ඇමතිවරුන් විසින් නිවාස 7000කට විදුලිය අවශ්‍ය බව දන්වා සිටි අවස්ථාවේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස