225ම හොරු කියන එක අසාධාරණයි..! අපට ඒ ලේබල් එක අලවන්න එපා…!

April 16, 2022 at 8:07 am | by emanisa.lk

රටේ පවතින අර්බුදකාරී දේශපාලනයට එරෙහිව වීදි බැස ඇති ජනතාව පවසන අන්දමෙන් පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාම හොරු ලෙස ලේබල් කරන තත්ත්වයට ව්‍යවස්ථාදායකය පත් වී ඇති බව මන්ත්‍රී වීරසුමන වීරසිංහ පවසයි.

මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුවේ ‘හොරු’ යන ලේබලයට අයත් පිරිස් සහ ඊට අයත් නොමැති පිරිස් ද සිටින බවයි.

ජනතාවගේ මෙම චෝදනාව වැරදි නොකර පාර්ලිමේන්තුවේ කටයුතු කරන මන්ත්‍රීවරුන්ට අයහපත් ලෙස බලපාන අතර, මේ හේතුවෙන් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තුව තුළ වහාම විගණනයක් ක්‍රියාත්මක කළ යුතු බව හෙතෙම අවධාරණය කරයි.

නිවැරදි විගණනයක් තුළින් වැරදිකරුවන් සිටී නම්, ඔවුන්ට දඬුවම් ලබා දී, එම දේපොළ ජනතාවට යළි පවරාගත හැකි බව ද හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *