2030 වෙනකල් මාලිමාවේ ආර්ථික වර්ධන වේගය 3%යි…. සියයට අටක වර්ධනයක් නැතිව 2028 ණය ගෙවීම හීනයක්…! – ආචාර්ය හර්ෂ ද සිල්වා…

June 30, 2025 at 4:21 pm | by emanisa.lk

ආණ්ඩුවේ මූල්‍ය ක්‍රමෝපාය සැලැස්ම අනුව ගිය වසරේ 5%කින් වර්ධනය වූ ආර්ථිකය මේ වසරේ 3.5%ට පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කර ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

එම සැලැස්ම 2030 වසර දක්වා ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ 3.15ක උපරිම ආර්ථික වර්ධනයක් බව ද හෙතෙම පෙන්වා දෙයි.

මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්.ඒ. විජේවර්ධන ප්‍රකාශ කරන පරිදි 8%ක ආර්ථික වර්ධන වේගයක් නොමැතිව අප බලාපොරොත්තු වන ඉලක්කය අහලකටවත් ළං විය නොහැකි බව ද හර්ෂ ද සිල්වා අවධාරණය කරයි.

ආර්ථික වර්ධනය අඩු කරන ආණ්ඩු කුමට දැයි පසුගිය සමයේ විවේචනයක් ගොඩනැගුණු බවත් දැන් ඇත්තේ එලෙස ආර්ථික වර්ධනය අඩු කරන ආණ්ඩුවක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *