සර්වජන බලය යනු රටම ධනාත්මක කරන දියුණු වන මිනිසුන්ගේ දේශපාලන පක්ෂය බව එහි නායක දිලිත් ජයවීර පවසයි.
එසේ නොමැතිව මිනිසුන් ඍණාත්මක කොට ඔවුන්ගේ ඔළුවට මනස්ගාත පුරවන සමාජ මාධ්‍යවල නිවන් සුව පතන වෛරී දේශපාලනයක් තමන් නොකරන බව ද ඔහු සඳහන් කරයි.
අපේ රට 2029 වන විට ඩොලර් බිලියන 150ක් ආදායමක් උපයාගත යුතු බව ජනාධිපතිවරයාට නොවැටහෙන නමුත් එය කරන ආකාරය ඔහුට පහදා දීමට තමන් සූදානම් බවත් දිලිත් ජයවීර පෙන්වා දෙයි.
ඒ සඳහා රටේ ව්‍යවසායකයන් ගොඩනඟමින් නිෂ්පාදනය ඉහළ නංවමින් අපනයන වැඩි කරගැනීමට කටයුතු කළ යුතු බව ඔහු අවධාරණය කරයි.
අද (11) මහරගම පැවැති සර්වජන ජන බලය අවසන් ජන රැලියට එකතු වෙමින් දිලිත් ජයවීර මේ බව කීය.