2015 මාර්තු සිට 36 995කට ද්විත්ව පුරවැසිභාවය!

April 1, 2019 at 8:55 am | by admin

වසර 3 ක් තුළ පුද්ගලයන් 36,995 දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය ලබාදී ඇතැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

2015 මාර්තු මස 23 වැනි දා සිට අවස්ථා 23 කදී මෙලෙස ද්විත්ව පුරවැසිභාවය ලබාදී ඇතැයි ද අවසන් වරට 915 දෙනෙකුට එම අවස්ථාව හිමිවූ බවද අමාත්‍ය වජිර අබේවර්ධන පැවසීය.

මේ රටේ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා එක්අයෙකු රුපියල් ලක්ෂ 03ක මුදලක් ද ඔහුගේ බිරිඳ හා ළමයින් සඳහා එක් අයෙකුට රුපියල් 50,000බැගින් ගාස්තු ගෙවිය යුතු වේ.

19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ ද්විත්ව පුරවැසිභාවය දරන අයකුට ජනාධිපතිවරණට තරඟ කිරීමට හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි බවට ප්‍රතිපාදන පනවන අතර මේ ආකාරයට ද්විත්ව පුරවැසිභාවය ලබා දීම සිදුව තිබේ. ගීතා කුමාරසිංහට සිය පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අහිමි වූයේ ද ද්විත්ව පුරවැසිභාවය නිසාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *