13ට එරෙහි විෂබීජ මර්දනයට ජනතාව කටයුතු කළ යුතුයි…! – වජිර…

August 17, 2023 at 7:50 am | by emanisa.lk

13 වන ව්‍යවස්ථා සංශෝධනය හැර රටේ ප්‍රශ්න විසඳීමේ මාර්ගයක් නැතැයි එජාප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එවැනි වැඩසටහනක් යම් දේශපාලන පක්ෂයකට ඇත්නම් එය ඉදිරිපත් කළ යුතු බවයි.

එවැනි මාර්ගයක් නොමැති අතර ඇත්තේ දේශපාලන පක්ෂ විසින් නිර්මාණය කළ විෂබීජ ගොඩක් පමණක් බව ද ජනතාව එක්ව එම විෂබීජ ගොඩ පාලනය කළ යුතු බවත් වජිර අබේවර්ධන සඳහන් කළේය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *