කොටි යුදමය වශයෙන් පරාජය කිරීමට යුද්ධය ආරම්භ කරන අවස්ථාව හෝ යුද්ධය නිමා කරන අවස්ථාව හෝ එවක යුද හමුදාපති සරත් ෆොන්සේකා දැන නොසිටි බවත් ඔහු රටේවත් නොසිටි බවත් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මාවිල්ආරු සොරොව්ව විවෘත කිරීමට යුද්ධය දියත්කරන විට සරත් ෆොන්සේකා සටන් විරාම සමයේ හමුදා මූලස්ථානයේදී එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් තුවාල ලබා සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබන බවයි. ඒ අවස්ථාවේ වැඩ බලන යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළේ මේජර් ජනරාල් නන්ද මල්ලවආරච්චි බවද ඔහු පෙන්වාදෙයි.
යුද්ධය අවසාන වන විට හමුදාපතිවරයා ආයුධ මිලදී ගැනීමට චීනයට ගොස් සිටි බවත් යුද්ධය නිමාවන බවක් ඔහු දැනසිටියේ නම් ආයුධ මිලට ගැනීමට යෑමේ අවශ්‍යතාවක් නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.
පසුගියදා සරත් ෆොන්සේකා නිකුත් කළ වීඩියෝව අනුව හමුදාවට කිසිවෙකු භාරවන්නේ නම් ඒ සඳහා ඉඩදිය යුතු බව ගෝඨාභය කිව යුතු නැති බවත් එය ජාත්‍යන්තර යුද නීතියක් බවත් ගම්මන්පිල පෙන්වාදෙයි.
යුද්ධය සාමය ප්‍රකාශ කිරීම ජනාධිපතිවරයාගේ තීන්දුවක් වන අතර හමුදාපති ඇතුළු හමුදාව එම තීන්දුවට අනුගත විය යුතු බවද 2002 සටන් විරාම සමයේ කොටි කණ්ඩායමක් පරික්ෂා කළේ යැයි යාපනේ සිටි සරත් ෆොන්සේකා කොළඹට මාරු කළ බවත් හෙතෙම ප්‍රකාශ කරයි.
යුද්ධය නිමාකළ වහා රට යුද අපරාධ චෝදනා එල්ල නොවූ බවත් එය ආරම්භ වන්නේ සරත් ෆොන්සේකා 2010 ජනාධිපතිවරණයට ඉදිරිත් වන්නට සූදානම් වී ෆෙඩ්ඩ්‍රිකා ජෑන්ස් සමග පුවත්පත් සාකච්ඡාවක් සිදුකරමින් ගෝඨාභය රාජපක්ෂ සුදු කොඩි රැගෙන එන කොටි නායකයන්ට වෙඩි තබන ලෙස නියෝග කළ බවට නැගූ චෝදනාව සමග බවත් ගම්මන්පිල අවධාරණය කරයි.