ෆේස්බුක් එකේ යන්නේ බොරු… අපි නම් කියන්නේ ඇත්ත…ජනතාව කලබල විය යුතු නෑ…! – ටිල්වින් සිල්වා…

November 25, 2025 at 9:14 am | by emanisa.lk

සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරෙන තොරතුරුවල විශ්වසනීයත්වය මේ වන විට සැලකිය යුතු ලෙස කඩා වැටී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

සමාජ ජාලාවල වැඩි වශයෙන් ඇත්තේ, අසත්‍ය යැයි ද එබැවින් මහ ජනතාව ඒවා ගැන කලබල විය යුතු නැතැයි ද හෙතෙම අවධාරණය කරයි.

ෆේස්බුක් ඇතුළුව සමාජ මාධ්‍යයේ තොරතුරු පළ කරන විශාල පිරිසක් ව්‍යාජ ගිණුම් නඩත්තු කරන්නන් යැයිද හෙතෙම සඳහන් කරයි.

විපක්ෂයෙන් පසුගිය දා නුගේගොඩ පැවැත්වූ රැස්වීමේ පින්තූර පවා සමාජ මාධ්‍ය ඔස්සේ සකස් කරන ලද ඒවා යැයි ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මෙම අදහස් පළ කළේ, ලන්ඩනයේ පැවති ඉල් මහ සමරුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *