හොර උපාධි නම් කවුරුන් වුවත් අනාවරණය කළ යුතු බවත් එසේ නැතිනම් සැබෑ උපාධිධාරීන්ට ඇති වටිනාකම අහිමි වන බවත් රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ටි මහතා පවසයි.
තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තිබෙමින් ඔහු මෙම අදහස පළ කර ඇත්තේ කතානායක අශෝක රන්වල මහතාගේ සහ ඇමති කුමාර ජයකොඩි මහතාගේ අධ්‍යාපන සුදුසුකම් ගැන ප්‍රශ්න කෙරෙන පසුබිමකය.
කිහිඹියහෙට්ටි මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් පත් කරන ලද කණ්ඩායම නියෝජනය කරන අතර පසුගිය මැතිවරණවල ජාතික ජන බලවේගයේ ප්‍රබල ආධාරකරුවෙකු විය.