තමන්ට ඡන්දය ලබා ගැනීමේ අරමුණෙන් බොරු උපාධි ඉදිරිපත් කරන පුද්ගලයන්ට එරෙහිව සිවිල් නීතිය යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත පවසයි.
වත්මන් ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ඇති වී ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳ ප්‍රකාශයක් කරමින් ඔහු මෙම අදහස් පළ කළේය.
තමන් සතුව නැති සුදුසුකම් පෙන්වීම සඳහා ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති බවට මේ වන විට තොරතුරු වාර්තා වී ඇති බවද එම තත්ත්වය ඔවුන් පිළිබඳ සදාචාරාත්මක ප්‍රශ්නයක් බව ද නීතිඥ දොලවත්ත කීය.