ආණ්ඩුවේ ගමන පැහැදිලි නිසා පිරිසක් මහත් කලබලයට පත්ව ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසයි.
“ගොඩක් අය දැන් කලබල වෙලා තියෙන්නේ. කලබල වෙන්නේ යන ගමන ඉතා හොඳන් පේන නිසා. ඒගොල්ලෝ හිර ගෙදරට යන කොට ගොවි ජනතාව රජ ගෙදරට යන පාර විවර කරමින් අපි ඉන්නේ.
රසායනික පොහොර නවත්තලා ගෝඨාභය රාජපක්ෂ ගොවිබිම් වගා කරන්න බැරි තැනට පත් කරන වෙලාවේ කවුරුවත් එකතු වුණාද? රනිල් ඇතුළට යන කොට ඔක්කෝම එකතුයි.
නැවත කවදාවත් බලයට එන්න බෑ කියලා තේරෙන කොට සකලවිධ කුමන්ත්‍රණකරුවන් එකතු වෙනවා.”
නි. ඇමතිවරයා මේ බව පැවසුවේ උත්සව අවස්ථාවක් අමතමිනි.