හොරු මාව මරන්න කුමන්ත්‍රණ කරනවා… ආණ්ඩුව මාව රැකගන්න බව විශ්වාසයි…! – රාජාංගනේ සද්ධාරතන හිමි…

March 14, 2026 at 6:54 pm | by emanisa.lk

තමන් කිසි දිනක කිසිවෙකුගේ මුදල්වලට යට නොවන බවත් මුළු රටේම හොරු තමන්ට බිය බවත් දුටු විට වෙව්ලන බවත් රාජාංගනේ සද්ධාරතන හිමි පවසයි.

පන්සලට පැන සිය පරිගණක ඇතුළු උපකරණ පැහැරගෙන පිරිස තම youtube, facebook සහ whatsapp තමන් හිරේ දැමීමට සහ මරාදැමීමට සැලසුම් කරමින් ඇතැයි එහිමියන් චෝදනා කරයි.

හැමදාම රට වෙනුවෙන් තනියම සටන් කළ තමන්ට කිසිවෙකුගෙන් සහයෝගයක් ශක්තියක් නැද්දැයි එහිමියන් විමසා සිටියි.

ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව තමන් ආරක්ෂා කරනු ඇතැයි විශ්වාස කරන බවද සිය youtube නාලිකාව පැහැරගත් පිරිස විහිළු කරමින් සිනාවෙන්නේ තමන්ට නොව ජනාධිපතිතුමාට බවද සද්ධාරතන හිමි ප්‍රකාශ කරයි.

උන් වහන්සේ සේ බව කීවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීල්ලක් කිරීමට පැමිණි අවස්ථාවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *