සම්මුඛ සාකච්ඡාවක් ඉල්ලා සිටි විට පක්ෂයෙන් ඒ සඳහා අවසර අවශ්‍ය බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පැවසු බව මාධ්‍යවේදිනි කිෂානි අලංකි පෙරේරා පවසයි.
සිය සමාජ මාධ්‍ය ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව අනාවරණය කර තිබේ.
සොරකම් කළ වත්කම් නැවත අයකර ගැනීම, යුක්තිය සහ වගවීම යන තේමාවෙන් තමන් සාකච්ඡාව පවත්වන බව ද ඔහුට දන්වා සිටි බවත් ඇය එහි සඳහන් කර ඇත.
අමාත්‍යවරයා මැතිවරණයට පෙර දෙවතාවක් තමන් සමඟ සම්මුඛ සාකච්ඡාවට පැමිණි ඇති බව පවසන කිෂානි අලංකි පෙරේරා ජාතික ජන බලවේගයේ නව ස්ථාවරය මෙයදැයි ප්‍රශ්න කරයි.