හොරුන්ට විරුද්ධව සටන් කළ නිසා ඇමැතිකම නැති වුණා..! – රොෂාන් රණසිංහ…

November 27, 2023 at 6:59 pm | by emanisa.lk

හොරුන්ට වංචාකාරයින්ට එරෙහිව කටයුතු කිරීම නිසා තමන්ට ඇමැති ධූරය අහිමි වූ බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ආසියාවේ පාරාදීසය අද හොරුන්ගේ පාරාදීසය බවට පත්ව ඇති බවයි.

මේ අවස්ථාවේ හොරු ජයග්‍රහණය කළ ද ඉදිරි ජනාධිපතිවරණයේ දී මෙම දූෂණ ක්‍රියාවලිය අවසන් කරන බවයි, රොෂාන් රණසිංහ අවධාරණය කළේ.

තමන්ගේ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳ මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති බව ද ඔහු ප්‍රකාශ කළේ, ක්‍රීඩා අමාත්‍යංශයට පැමිණ පිටව යන අවස්ථාවේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *