හොරුන්ට නඩු දාන කොට නඩුකාරයෙත් මාරු වෙනවා.. ඒක එතරම් හොඳ නෑ…! – ජනපති…

March 31, 2025 at 10:41 am | by emanisa.lk

නඩුකාරවරුන්ට එම තනතුර භාර දී ඇත්තේ භේදයකින් තොරව නඩුව ඇසීමට බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ඉතා ආන්දෝලනයට තුඩු දී තිබෙන නඩු විශාල ප්‍රමාණයක් ඉදිරි මාස දෙක ඇතුළත පැවරෙන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

“නඩුව දානකොට නඩුකාර මහත්වරු මාරු වෙනවා මම දුටුවා. ඒවත් ඒ තරම් හොඳ නෑ කියල මට හිතෙනවා. එතුමාට ඒ තනතුර භාර දීලා තියෙන්නේ කවුද කියලා භේදයකින් තොරව නඩුව අහන්න. නඩුකාර මහත්වරුන් තමන්ට පැවරී ඇති වගකීම නිසි පරිදි ඉටු කරමින් මේ නඩුවලට නිසි සාධාරණය ඉටුකරන බව අපි දන්නවා.”

ජාතික ජන බලවේගය පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගෙන සංවිධානය කළ බෙලිඅත්ත ජන රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *