පාසල් සිසුන් විවිධ කාණ්ඩවලට බෙදී හොරණ නගරයේ දින කිහිපයක ඇති කරගෙන තිබෙන ආරවුලක් පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා ඇත.
ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය අද (23) හදිසියේම හොරණ බස් නැවතුම්පොළ වෙත පැමිණ සිසුන් අතර ඇතිව තිබූ ආරවුල පාලනය කර තිබේ.
නිල ඇඳුමින් පාසල නිමවී නගරයට පැමිණෙන සිසුන්, එහි දී පාට ඇඳුමින් සැරසී සෙසු සිසුන් අතරට පැමිණ පහර දෙන බව වාර්තා වෙයි.
මෙහි ප්‍රතිඵලයක් ලෙස ඊයේ (22) ඇති වූ ගැටුමක් අතරතුරදී වෙළෙඳසැලක ඉදිරිපස වීදුරුවක් බිදී ගොස් ඇති අතර, ඒ පිළිබඳව හොරණ මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ද ලැබී ඇත.