ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් ඉවත් කළ බව කියූ පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය ජී.එල්. පීරිස්ට නැවත එම ධුරය භාර ගන්නා ආරාධනාවක් ලැබී තිබේ.
කෙසේ වුව ද එම ආරාධනයට පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය ජී.එල්. පීරිස් මෙතෙක් ප්රතිචාරයක් දක්වා නැත.
මේ අතර පක්ෂයේ ප්රධාන කාර්යාලයේ දී පාර්ලිමේන්තු මන්ත්රී, මහාචාර්ය රංජිත් බණ්ඩාර කියා සිටියේ අලුත් අවුරුද්දෙන් පසුව ශ්රී ලංකා පොදුජන පෙරමුණ අලුත් නායකයකු යටතේ දේශපාලන කටයුතු ආරම්භ කරන බවය.