හෙද නිල ඇඳුම ඉස්ලාම්කරණයට හෙල සංගම් එරෙහි වෙයි…!

October 26, 2025 at 11:32 am | by emanisa.lk

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සකස් කළ හෙද ඇඳුම යම් යම් පාර්ශ්වල ආගමික සහ සංස්කෘතික කරුණු පදනම් කරගෙන හෙද නිල ඇඳුම වෙනස් කිරීමට තමන් එකඟ නොමැති බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසයි.

එහි සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ හෙද නිල ඇඳුම වෙනස් කිරීමට වඩා කාර්යක්ෂම හෙද සේවාවක් ලබා දීමට පවතින බාධා ඉවත් කිරීම වැදගත් බවයි.

කිසිවෙකුගේ ඉල්ලීම මත හෙද නිල ඇඳුම වෙනස් කරන්නේ නම් ඊට පෙර සිය සංගමය සමග සාකච්ඡා කළ යුතු බව ද එමගින් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *