හිරු කියන්නේ බොරු… අගමැතිනිය රනිල් බලන්න ගියේ නෑ…!

August 25, 2025 at 3:08 pm | by Namal

අගමැතිනි හරිනි අමරසූරිය දැනට රෝහල්ගතව අත් අඩංගුවේ පසුවන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුවදුක් බැලීමට ගිය බවට හිරු මාධ්‍ය ජාලය ප්‍රචාරය වන පුවත ප්‍රතික්ෂේප කරයි.

එම පුවත්වල දැක්වෙන්නේ ඊයේ මධ්‍යම රාත්‍රියේ අගමැතිනි හරිනි අමරසූරිය, මෛත්‍රී වික්‍රමසිංහ සමග රනිල් වික්‍රමසිංහ බැලීමට ගොස් ඇති බවයි.

එම අසත්‍ය පුවත පළ කිරීම පිළිබඳ කනගාටු වන අතර එය නිවැරදි කරන ලෙස ද අග්‍රාමාත්‍ය ලේකම් නිකුත් කළ නිවේදනයෙහි දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *