හිරු එක්ක හැප්පෙන්න ආණ්ඩුවට කැපෑසිටියක් නෑ… බැරි වැඩ නොකර හිටු…! – මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි…

December 26, 2025 at 6:12 pm | by emanisa.lk

ආණ්ඩුවේ පැවැත්මට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය සමග හිරු මාධ්‍ය ජාලය ඇතුළු මාධ්‍ය ආයතන ක්‍රියාත්මක වන බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

ඊට එරෙහිව යමක් කිරීමට ආණ්ඩුවට දැඩි අවශ්‍යතාවක් ඇතැයි ද හිරු මර්දනය පිළිබඳ ගැටලුව මතුවන්නේ එතැනින් බව ද ඔහු පෙන්වාදෙයි.

එහෙත් මාලිමා ආණ්ඩුවට එවැනි මර්දනකාරී තන්ත්‍රයක් පවත්වාගෙන යෑමේ හැකියාවක් නොමැති බව හොඳින් මතකයේ තබාගත යුතු බව ද නිර්මාල් රංජිත් දේවසිරි සඳහන් කරයි.

ආණ්ඩුව එවැන්නක් සඳහා උත්සාහ කළත් ඊට අවශ්‍ය ශක්‍යතාව නොමැති නිසා ආණ්ඩුව බැරි වැඩ නොකර සිටිය යුතු බව ද ඔහු අවදාරණය කරයි.

සිය අන්තර්ජාල නාලිකාවට වීඩියෝවක් නිකුත් කරමින් මහාචාර්යවරයා මේ බව ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *