සමඟි ජන බලවේගයේ වනිතා බලවේගයේ ජාතික සංවිධායිකා ධූරයෙන් ඉවත් වීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තීරණය කර තිබේ.
“අපි කොච්චර වැඩ කළාද? කොච්චර කැපකිරීම් කළාද? සංවිධායකයින්ට චෝදනා කිරීම නිසා මට කලකිරීමක් ඇති වුණා. මාලිමාව පිටින් කිසිවෙක් ගත්තේ නෑ. බලන්න ඒක කොච්චර හොඳද?
සාම්ප්‍රදායික දේශපාලනය මිනිස්සු අහක දැම්මා. සමගි ජන බලවේගය මේ දේශපාලන ක්‍රමය තේරුම් ගත්තේ නෑ. මේකයි පරාද වුනේ.
නමුත් ඉතා ම හොඳින් මැතිවරණ කටයුතු කරමින් ඉන්නවා. මම හිතනවා ජනතාව මාව පාර්ලිමේන්තුවට පත්කරාවි කියලා.”
ප්‍රේමචන්ද්‍ර මහත්මිය එම බව කියා සිටියේ අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.