ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනතා විමුක්ති පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහ මහතා වෙනුවෙන් අද (05) ඇප මුදල් තැන්පත් කෙරුණි.
ඒ ඒකාබද්ධ ස්වාධීන වෘත්තීය සමිති කේන්ද්‍රය මඟිනි. ඒ අනුව මේ දක්වා ඇප මුදල් භාරදී ඇති මුළු අපේක්ෂකයින් සංඛ්‍යාව 15කි.
ඒ අතරින් දේශපාලන පක්ෂ මඟින් අපේක්ෂකයින් 9 දෙනෙක්ද, ස්වාධීන අපේක්ෂකයින් ලෙස 6 දෙනෙකුද ඇප මුදල් තැන්පත් කර තිබේ.