හිටපු ජනාධිපති තටු කැපීම ආණ්ඩුවට පාරා වළල්ලක් වෙයි… මහින්දට නිවසක් දෙන්න මහා සංඝ රත්නය ඉදිරියට….!

August 17, 2025 at 10:32 am | by Namal

ආණ්ඩුව පනතක් මගින් හිටපු ජනාධිපති නිල නිවාස සහ වරප්‍රසාද අහිමි කළහොත් ඔහුට නිවසක් ලබා දීමට මහා සංඝ රත්නය සූදානම් වන බව වාර්තා වෙයි.

මේ බව රටේ ප්‍රධාන පෙළේ නායක භික්ෂූන් වහන්සේලා පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙත දැනුම් දී තිබේ.

රටේ සියලුම භික්ෂු නිකායන් නියෝජනය කරමින් නායක භික්ෂූන් වහන්සේලා පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගියදා හමු වී මෙම ප්‍රතිඥාව ලබා දී තිබේ.

තිස් වසරක් මේ රටේ පැවති ත්‍රස්තවාදය නිමා කළ රාජ්‍ය නායකයාට කෘතගුණ සැලකීම සඳහා තමන් වහන්සේලා මැදිහත් වී භාරකාර අරමුදලක් ගොඩනඟන බව ද එම නායක ස්වාමීන් වහන්සේලා සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස