හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාසවල ජලය, විදුලිය සහ දුරකථන ගාස්තු සඳහා මින් ඉදිරියට මුදල් වෙන් නොකිරීමට ජනාධිපති කාර්යාලය විසින් තීරණය කර ඇති බව වාර්තා වෙයි.
හිටපු ජනාධිපතිවරයෙකුගේ කාර්ය මණ්ඩල ප්රධානියකු විසින් පසුගිය මාසයට අදාළ බිල්පත් බිල්පත් ජනාධිපති කාර්යාලය වෙත අද (24) පෙරවරුවේ ඉදිරිපත් කළ අවස්ථාවේ මේ බව දැනුම් දී තිබේ.
හිටපු ජනාධිපතිවරුන්ට හිමිවන වරප්රසාද හා දීමනා පිළිබඳව ජනාධිපති කාර්යාලය විසින් පසුගියදා නීතිපතිවරයාගේ කරුණු විමසා ඇති අතර හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරණතුංගට ලබාදිය යුතු වරප්රසාද හා දීමනා සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ සමයේ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා ලබා දුන් නඩු තීන්දුවකට අනුව, හිටපු ජනාධිපතිවරුන්ට හිමිවන්නේ රජයෙන් ලබාදී ඇති නිල නිවාසය, වාහන නඩත්තුව හා ඉන්දන දීමනාවක් පමණක් බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් දැනුම්දී ඇතැයි වාර්තා වෙයි.