හිටපු ජනාධිපතිවරුන්ගේ හමුදා ආරක්ෂාව ඉවතට… මින්පසු පොලිස් ආරක්ෂාව විතරයි…!

December 17, 2024 at 7:59 pm | by emanisa.lk

හිටපු ජනාධිපතිවරුන් වෙත ලබා දී ඇති ත්‍රිවිධ හමුදා ආරක්ෂාව එලැඹෙන සතියේ සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අද (17) පාර්ලිමේන්තුව අමතමිනන් ඔහු පැවසුවේ, මාස 6කට වරක් කරනු ලබන ආරක්ෂක තක්සේරුවේදී ඊට අනුකූලව ආරක්ෂාව සපයනු ඇති බවයි.

ඒ අනුව ඉදිරියේදී හිටපු ජනාධිපතිවරුන්ට ඉදිරියේදී පොලිස් ආරක්ෂාව පමණක් හිමි වන බව ඇමති ආනන්ද විජේපාල මහතා අවධාරණය කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට පොලිසියේ 60ක්, මෛත්‍රීපාල සිරිසේනට පොලිසියේ 60ක්, ගෝඨාභය රාජපක්ෂට පොලිසියේ 22ක්, රනිල් වික්‍රමසිංහට පොලිසියේ 60ක්, චන්ද්‍රිකා බණ්ඩාරනායකට පොලිසියේ 60ක්, හේමා ප්‍රේමදාසට පොලිසියේ 10ක් ආරක්ෂාව සඳහා හිමි වනු ඇත.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මෙතෙක් ආරක්ෂාව සැපයූ ත්‍රිවිධ හමුදාවේ 228ක්, මෛත්‍රීපාල සිරිසේනට ආරක්ෂාව සැපයූ හමුදාවේ 04ක්, ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂාව සැපයූ හමුදාවේ 188ක්, රනිල් වික්‍රමසිංහට ආරක්ෂාව සැපයූ හමුදාවේ 57ක් ඉවත් කරනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *