හිටපු ජනපතිවරුන්ගේ විදෙස් සංචාර වියදම් ලැයිස්තු එළියට… මහින්ද කප් ගහයි…!

February 27, 2025 at 7:58 pm | by emanisa.lk

හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර සඳහා වැය වූ මුදල් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂ අනාවරණයක් සිදුකළාය.

ඒ අද (27) පැවති පාර්ලිමේන්තු සභාවාරය අතරතුරය. ඒ අනුව ජනාධිපතිවරුන් සිය විදේශ සංචාර සඳහා වැය කර ඇති මුදල් මෙසේය.

2010 සිට 2014 දක්වා කාලය තුළ මහින්ද රජපක්ෂ – මිලියන 3,572

2015 සිට 2019 දක්වා කාලය තුළ මෛත්‍රීපාල සිරිසේන – මිලියන 384

2020 සිට 2022 දක්වා කාලය තුළ ගෝඨාභය රාජපක්ෂ – මිලියන 126

2023 සිට 2024 දක්වා කාලය තුළ රනිල් වික්‍රමසිංහ – මිලියන 533

2024 සැප්‍තැම්බර් සිට 2025 පෙබරවාරි දක්වා කාලය තුළ අනුර කුමාර දිසානායක – මිලියන 1.8ක්

2010 සිට 2025 දක්වා වැඩිම වියදම දරා ඇත්තේ, 2013 වසරේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් වන අතර එය රුපියල් මිලියන 1,144ක් බව අගමැතිනිය වැඩි දුරටත් සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *