හිටපු ක්‍රිකට් නායක හෂාන් සහ අප්සාරි සජබට…!

August 5, 2024 at 11:17 am | by emanisa.lk

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හෂාන් තිලකරත්න මහතා සමගි ජන බලවේගය හා එක්විය.

ඒ ඉදිරි ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහාය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු වන හෂාන් තිලකරත්න මහතා වත්මන් බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.

ඔහුගේ බිරිඳ අප්සාරි තිලකරත්න මහත්මිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කැඳවුම්කරු ලෙස කටයුතු කරමින් සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *