හිටපු කථානායක සහ ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට ගෙන තිබේ.
අනතුරුදායක ලෙස රිය පැදවීම සහ අනතුරක් වළක්වා නොගැනීමේ චෝදනාව මත සපුගස්කන්ද පොලිසිය මගින් මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය.
සපුගස්කන්ද දෙනිමල්ල ප්‍රදේශයේදී ඊයේ (11) හිටපු කථානායකවරයා ධාවනය කළ ජීප් රථය තවත් මෝටර් රථයක ගැටී අනතුරකට ලක්විය.
මෙම අනතුරින් මෝටර් රථයේ ගමන් කළ 25 හැවිරිදි කාන්තාවක්, මාස 6ක් පමණ වයසැති ඇගේ බිළිඳිය සහ 55 හැවිරිදි මිත්තනිය තුවාල ලබා රෝහල්ගත කර තිබේ. මේ වන විට අදාළ කාන්තාවන් දෙදෙනා කොළඹ ජාතික රෝහලේ ද බිළිඳිය රිජ්වේ ආර්යා ළමා රෝහලේ ද ප්‍රතිකාර ලබති.