හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට ඇප….!

July 3, 2025 at 1:27 pm | by emanisa.lk

රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනාට ඇප නියම කර තිබේ.

ඒ මර්වින් සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත අද (03) ගම්පහ මහාධිකරණ විනිසුරු ඩබ්. කේ. ඩී. විජයරත්න මහතා ඉදිරියේ දී සලකා බැලූ අවස්ථාවේ දීය.

එහිදී විත්තිකරුවන් වූ මර්වින් සිල්වා, ජයන්ත කබ්රාල් සහ නවීන් වීරකෝන් යන විත්තිකරුවන් තිදෙනාටම ඇප හිමි විය.

තිදෙනාගෙන් එක් එක් අය සඳහා රුපියල් ලක්ෂ 2ක මුදල් ඇපයක් මෙන්ම ලක්ෂ 50ක ශරීර ඇප පහක් මත ඔවුන් මුදාහැර ඇති අතර ඔවුන්ගේ විදේශ ගමන් ද තහනම් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *