හික්කඩුවේ සභාපතිට පෞද්ගලික පරිහරණයට රු. 300 කුළියට කැබ් රථයක් ඉල්ලයි…!

July 8, 2025 at 5:26 pm | by emanisa.lk

හික්කඩුව නගර සභාවේ ජාතික ජන බලවේග සභාපතිවරයාගේ පරිහරණය සඳහා කැබ් රථයක් ලබා දීමේ යෝජනාවක් පසුගිය 02 වෙනිදා ඉදිරිපත් කර තිබේ.

එම වාහනය සඳහා මාසයකට ඉන්ධන ලීටර් 300ක් ලබා දීමට ද එමගින් යෝජනා කර තිබේ.

එසේම 2014 වසරේ දකුණු පළාත් මහ ඇමතිවරයාගේ ලිපියක් අනුව අදාළ කැබ් රථය පෞද්ගලික පරිහරණය සඳහා භාවිත කරන්නේ නම් මාසයකට රු. 300ක් පළාත් පාලන අරමුදලට ගෙවීමට ද යෝජනා කර ඇත.

මේ පිළිබඳ අදහස් දක්වමින් උවිඳු කුරුකුලසූරිය පවසන්නේ බලපිටිය ප්‍රාදේශීය සභාවේ ද මෙය සිදුව ඇති බවත් එය මුද්‍රණ දෝෂයක් නොවන්නේ නම් විළිලැජ්ජාවක් බවත් ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *