මෙතෙක් කල් ජනතාවගේ බොටුව මිරිකන මාෆියාවක් ක්‍රියාත්මක වුව ද ඉදිරියේ දී ජනතාවට අඩු මිලට භාණ්ඩ ලබාගත හැකි රටක් හදන බව වෙළඳ වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
ජනතාව ලොවෙත් නැති වෙන්න ජනවරමක් දී ඇතැයි ද ලොවෙත් නැති විදිහේ රටක් හදා පෙන්වන බව ද ඔහු සඳහන් කරයි.
ජනතාවට සියලු සහන දෙමින් සෑම උදෑසනකම තමන් මතක් වන ආකාරයේ රටක් හදන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කරයි.
හොරු ඇල්ලීම සඳහා පොලිසිය ආරක්ෂක අංශ නීති අංශ ඇතැයි ද උගන්ඩා සල්ලි ඇතුළු පාලකයන් හොරා කෑ ධනය නැවත රටට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන බව ද වසන්ත සමරසිංහ අවධාරණය කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඇමැති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.