හැමෝටම සතුටු වෙන්න පුළුවන්, මාලිමාණ්ඩුවේ හතර වෙනි අයවැය එද්දි…! – නාමල් කරුණාරත්න…

February 23, 2025 at 9:15 am | by emanisa.lk

එදා ඇමතිවරුන් යන යන විට පසුපසින් ගිය රිය පෙරහැරවල් අද දක්නට නැති බව නියෝජ්‍ය ඇමති නාමල් කරුණරත්න මහතා සඳහන් කරයි.

තම ආණ්ඩුවේ අමාත්‍යවරු කිසිවෙකු නිල නිවාස භාවිත නොකරන බව ද වර්තමාන ආණ්ඩුවේ පහළම සිටින මන්ත්‍රීවරයා දක්වා අසීමිත වරප්‍රසාද කප්පාදුවකට ලක් කර ඇති බවද ඔහු පෙන්වා දෙයි.

වර්තමාන ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ගියා නොව තමන් ආණ්ඩුව බාර ගන්නා විට ජාත්‍යන්තර මුල් අරමුදලේ සැලසුම තුළ සිරවී සිටි බවද ඒ තත්ත්වය තුළ ඉදිරියට යන්න සිදුවී ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

වර්තමාන ආණ්ඩුවට තවත් අයවැය හතරක් ඉදිරිපත් කිරීමට ඇති බවත් පැවසූ ඔහු තම ආණ්ඩුවේ හතර වන අයවැය ඉදිරිපත් කරද්දී සියලු දෙනාට ම සතුටුදායක තැනකට රට පත්කරන බවද ඔහු පාර්ලිමේන්තුවේදී අයවැය විවාදය අමතමින් කියා සිටියේය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *