හැඳි නොගෑ හොද්දට ළමයා සම කිරීම වැරදියි.. හොද්දට අදාළ තියරි ළමයාට අදාළ නෑ…! – සභානායක බිමල් රත්නායක…

September 24, 2025 at 6:52 pm | by emanisa.lk

ඇතැමුන් හොද්දක් හැඳි ගෑවේ නැති විට රස නොමැති බවට ප්‍රකාශ කරන්නේ යැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කරයි.

“මං දැක්කා හිතවත්ම අයත් දාලා තියෙනවා, හොද්දක් හැඳි ගෑවේ නැති වුණාම රස නැති වෙනවා කියලා. හොද්දකුයි ළමයෙකුයි වෙනස් නෙ. හොද්දට අදාළ තියරි ළමයාට අදාළ නෑ.

යාන්ත්‍රික භෞතික චලිතයට අදාළ කරන නියාමයන් ජීව විද්‍යාවට සමාජයට අදාළ නෑ. ඒවා ඒ විදිහට ගන්න බෑ. සමහරු කියනවා අපට ගහපු නිසා තමයි අපි හැදුනේ කියනවා. එහෙම හැදුණු අයත් ඇති.
සමහරු මෙතන හැසිරෙන විදිහෙන් පේනවා කොච්චර ගුටි කාලා ද කියලා. එයාලගේ ඉතිහාසය බැලුවොත් එයාලට ගුරුවරු කොච්චර ගහලා ද කියලා පේනවා. මෙතන ඉන්න මානසික රෝගීන් නොවන අයට මම කියන්නේ.”

ඇමති බිමල් රත්නායක මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *