හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කුඩු නඩුවකින් තමා නිදහස් කරගැනීමට සිය නිවසට පැමිණි බවට ආණ්ඩුව කරන චෝදනාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පවසයි.
“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ධුර කාලය තුළ හෙලිකොප්ටරයකින් පැමිණ මාව වැළඳ ගෙන කුඩු චෝදනාවලින් මම නිදහස් කළා කියන්නේ සම්පූර්ණයෙන්ම සත්‍යය විකෘති කරමින් සිදු කරපු චෝදනාවක්. අදාළ සිද්ධිය උනේ නීති විරෝධී ලෙස වාහන එකලස් කිරීමක් සම්බන්ධයෙන් ලැබිලා තිබුණ පැමිණිල්ලක්.ඒකට අනුව විශේෂ කාර්ය බලකාය (STF) විසින් මීගමුව ප්‍රදේශයේ නිවාස අටක් සෝදිසි කරලා තිබුණා.
මගේ නිවස පරීක්ෂාව සම්බන්ධයෙන් අපේ පාර්ශවයේම ඇතැම් අය විසින් මාධ්‍ය වෙත සඳහන් කරලා තිබුණේ ඒ පරීක්ෂාව කළේ මත්ද්‍රව්‍ය සෙවීම සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) විසින් කියලයි.ඒ වැරදි තොරතුරු මාධ්‍ය වෙත ප්‍රකාශ වීම හේතුවෙන් මම දරපු අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළා.ඒ තීරණය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ බැසිල් රාජපක්ෂ මහතාට දැනුම් දුන්නා.
ඒ සිදුවීමෙන් දවස් කිහිපයකට පස්සේ මහින්ද රාජපක්ෂ මහතා මගේ නිවසට පැමිණියා.ඒ අවස්ථාවේ ගන්නා ලද ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වී තිබෙනවා.මහින්ද රාජපක්ෂ මහතා ආවේ අදාළ සිදුවීම වෙලා දින කිහිපයකට පස්සෙයි.ඒත් හෙලිකොප්ටරයකින් නොවෙයි,එතුමාගේ නිල මෝටර් රථයෙන්.මට මත්ද්‍රව්‍ය සම්බන්ධව චෝදනාවක් ඇත්තේ නම්,ඕනෑම පොලිස් ස්ථානයක එය පරීක්ෂා කරන ලෙස අභියෝග කරනවා.කාට හරි මම සම්බන්ධයෙන් එවැනි චෝදනාවක් තියනවා නම් ප්‍රමාද නොවී එය ඉදිරිපත් කරන්න කියලා මම අභියෝග කරනවා.”