ජනවාරි 10 වැනිදා දක්වා සහල් ආනයනයෙන් ශ්‍රී ලංකාව රුපියල් බිලියන 10.9ක් රැස් කර ඇති බව වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් කේ.ඒ. විමලේන්ද්‍ර රාජා පාර්ලිමේන්තුවේ මහජන මුදල් කාරක සභාව වෙත දන්වා තිබේ.
මහ කන්නයට පෙර ආනයන පාලනය ලිහිල් කිරීමෙන් පසු අවම වශයෙන් සහල් මෙට්‍රික් ටොන් 167,000ක් මෙරටට ආනයනය කර ඇති අතර පසුගිය වසරවල මෙන් මෙම වසරේ ආනයන බද්ද අඩු කර නොමැත.
ශ්‍රී ලංකාවට විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් ලෙස ටොන් එකකට රුපියල් 65,000ක (ඩොලර් 220ක් පමණ) බද්දක් ඇති අතර එය ඉන්දියාවෙන් ගෙනෙන තැම්බූ සහල් අපනයන මිලෙන් සියයට 40 සිට 50 දක්වා වේ.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදන පිරිවැය ඉහළ මට්ටමක පැවතීමත් ඉන්දියානු අපනයන මිල අඩු මට්ටමක පැවතීමත් නිසා බදු අඩු නොකළ බව විමලේන්ද්‍ර රාජා මහජන මුදල් කාරක සභාව වෙත පැවසීය. මේ ආකාරයට අධික මිල ගණන් යටතේ අලෙවි වන ධාන්‍ය සඳහා ජනතාව වාර්ෂිකව රු. බිලියන 180ක පමණ බදු ගෙවන බව ද එහි දී ප්‍රකාශ විය.
බාස්මතී සහල් සඳහා මීට වඩා ඉහළ අනුපාතයක් අය කරන බව ද මුදල් කාරක සභාවේ දී වැඩි දුරටත් අනාවරණය විය.