හල්දුම්මුල්ල මාලිමා මන්ත්‍රී ලක්ෂ 59ක වංචාවකට රිමාන්ඩ්… පැමිණිලිකරුත් මාලිමාවෙක්…!

May 21, 2025 at 11:44 am | by emanisa.lk

රුපියල් ලක්ෂ 59ක මූල්‍ය වංචාවකට අදාළව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවට මෙවර තේරී පත්වූ මාලිමා මන්ත්‍රීවරයකු ඊයේ (20) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි.

මෙහි පැමිණිලිකරු මෙවර පළාත් පාලන මැතිවරණයේදී හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවට තරග කර පරාජයට පත්වූ මාලිමා මන්ත්‍රීවරයකු බව පොලිසිය කියයි.

පැමිණිලිකරු හා රක්ෂිත බන්ධනාගාරගත කළ පුද්ගලයා අතර ගම්මිරිස් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් පැවැති ගනුදෙනුවක් සම්බන්ධයෙන් ආරවුලක් කලක සිට තිබී ඇත.

මාලිමා මන්ත්‍රීවරයාගෙන් ලැබිය යුතු මුදල් නොලැබීම නිසා පැමිණිලිකරු ඒ ගැන බණ්ඩාරවෙල කොට්ඨාස මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණිලි කර ඇති අතර එම කොට්ඨාසය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *