අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ දී හඳුන්වාදුන් මොඩියුල පොතක දරුවන්ට නොගැලපෙන වෙබ් අඩවියක යොමුවක් අඩංගුව තිබීමේ සිද්ධියෙන් රට හෝ දරුවන්ට කිසිදු හානියක් සිදු නොවුණු බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී සමන්මලී ගුණසිංහ පවසයි.
“එක ඇත්තටම කුමන්ත්‍රණයක්. දරුවන්ට, රටට කිසිම හානියක් වුණේ නෑ. කවුරු හරි හිතුවා නම් හානියක් කරන්න ඒකත් සිද්ධ වුණේ නැහැ. මේ ක්‍රියාවලිය පදනම් කරගෙන අපේ රටේ අගමැතිනියට පහත් විදියට ගෙනයන මේ අදහස් දැක්වීම අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා.
අපේ රටේ ඉන්න සියලු කාන්තාවන් මේකට එරෙහිව දැනුම්වත් කරන්න පාරට බස්සන්න, ඒ වගේම මේ වෙනුවෙන් පෙනී සිටින්න, විපක්ෂය කරන මේ පහත් ක්‍රියාවලිය නවත්වන්න අපි ඔක්කොම එකට එකතු වෙනවා. ඒ නිසා වැඩිය දඟලන්න එපා, කාන්තාවො පාරට බැස්සොත් ඕගොල්ලන්ට හැංගෙන්න තැන් නැතිවෙයි.”
සමන්මලී ගුණසිංහ මේ බව පැවසුවේ ඊයේ (12) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.