ගැටුමක් ඇති වෙන්න යනව කියල පේනව නම්, ගැටුම ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න ඕන. එතකොට තමා ඒක නිරාකරණය කරගන්න පුලුවන්. කියවන්න ටෝනි බ්ලෙයා ගැන එයාගෙ ඇඩ්වයිසර්, ස්පින් ඩොක්ට ලියපු පොත් දෙක. [“The Blair Years” Extract from Alastair Campbell Diaries සහ “The Alastair Campbell Diaries” Prelude to Power.] කොහොමද දින්නෙ කියලත්, කොහොමද කෙළව ගත්තෙ කියලත් තියෙනව ඒකෙ. මම අනුරව සමාන කරන්නෙ ටෝනිට. එයාට තමා ජාතික ප්රශ්නය විසඳන්න පුළුවන් ටෝනි වගේම.
පේනවනෙ හරිනිද විජිතද කියන වාදෙ. මට නම් කවුරු වුණත් නෝ ප්‍රොබ්ලම්. ඒත් නිකන් පොෂ් අය හරිනි හරිනි කීවට, මහන්සි වෙලා ජීවිත කාලෙම දේශපාලනය කරපු අය විජිත විජිත කියනව. ඒ තර්කයටත් මම එකඟයි. දැන් දිනලම ඉන්න නිසා මම කියන්නම්. ඔය ගැටුම ඉස්සර ඉඳන් තිබ්බ. ජවිපෙනෙ මෙතන ගාමක බලවේගය, නම වෙනස් කරං ආවට.
හරිනි අඩු ගානෙ එන්පීපී විධායක සභාවෙදිවත් කෙලින් මතයක් පලකරන්නෙ නැතිව ටිල්වින්ල වගේ – බොල්ෂෙවික් මත දරණ, තාමත් “ද්‍රෝහියා” වගේ වචන පාවිච්චි කරන – පරණ තාලෙ අයටත් යට වෙලා ඉන්නෙ. මට නම් බොල්ෂෙවික් වාදය පරදවන්න ඕන. කමලා හැරිස් පැරදුනත්, එයා බයිඩන් කීව කැත කතාව කන්ඩෙම් කළා. නමුත් හරිනි ලාල චමී ගැන කිව්ව කැත කතාවත් කන්ඩෙම් කලේ නැහැ. ප්‍රශ්න ගොඩක් තියෙනව.
දැන් නම් ඒව එළිපිට කතා කරන්න ඕන. හරිනිත් ජීඑල් පීරිස් වගේ. මම ජිල්ලට ඒ කාළෙ කියන්නෙත් ‘කොන්දෙ සබන්’ කියල. දෙකට නැමෙනව චන්ද්‍රිකා ඉසරහත්!
තව පැත්තකුත් තියෙනව. ඒ තමයි ගංවල ඉස්සර කාලෙ සයිඩ් ගහල හිටපු, ඒත් ජිවිත කාළෙම දේශපාලනයට කැප වෙච්ච අය අළු ගසල, අඩි දෙක තුනක් උඩින් ඇවිදින්න ගත්ත අනුර ජනාධිපති වෙච්ච ගමන්. ඒක ස්වභාවිකයි.
ඒත් ඒ අයවත් යම් පාලනයකට ගන්න ඕන. ආචාරධර්ම් පද්ධතියක් හඳුන්වා දීම අත්‍යාවශ්‍යයි කියල මම හිතනව. නැතත්තං ප්‍රාදේශීය සභා, පලාත් සභා දිනනව කියන්නෙ බොරු!
මේ මගේ අදහස් හරිද, ඒව පදනම් වෙන්නෙ මට දවසගානෙ එක එක කෙනා කියන ඒව උඩ. මම කියන ඒවට අනුරව ගාව ගන්න එපා හරිද. මම දේශපාලන අදහස් නොලියන්න කියල හිතං හිටියත් මමත් දේශපාලන සත්වයෙක් නිසා බ්රේක් නැහැ. මම මට හිතෙන දේවල් කියනව කාට වාසි උනත් අවාසි උනත්. ඒ මගේ හැටි! මම හිතනව මාත් එක්ක හරිනිවත්, ටිල්වින්වත්, අනුරවත් තරහ නෙවෙයි කියල.
උවිඳු කුරුකුලසූරිය….