හරිනිගේ ලිස්ට් එකේ කාන්තා හිංසකයෝ ඉන්නවා… ඔවුන්ගේ ආරක්ෂකයොත් ඉන්නවා… හරිනිට ඇරෙන්න අනික් අයට කළාට කමක් නැද්ද…! – උවිඳු කුරුකුලසූරිය…

January 8, 2026 at 12:27 pm | by emanisa.lk

අගමැතිනි හරිනි අමරසූරියට එරෙහි වෛරී ප්‍රකාශ නවතන ලෙස ඉල්ලා නිකුත් කර ඇති නිවේදනයට අත්සන් තැබූ අය අතර කාන්තා හිංසන චෝදනා ලැබූ අය මෙන්ම ඔවුන් ආරක්ෂා කළ අය ද සිටින බව ප්‍රවීණ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය පවසයි.

අර හරිනි කාන්තාවක් වීමම නිසා ඇයට එරෙහිව කරගෙන යන වෛරී ව්‍යාපාරය නවත්තන්න කියල අස්සන් ගහපු බුද්ධිමතුන්ගෙ ලිස්ට් එකේ කාන්තාවන්ගෙ පුප මිරිකල හා තව කාන්තාවක් එක්ක ඇගේ අනුමැතියකින් තොරව වනචර චැට්දාල, ඇය දාන්නෙ මොනවගේ ජංගිද එහෙම අහල, ඒ චැට් ඇයම ෆේස්බුක් එකේ ප්‍රසිද්ධ කරල නෝන්ඩි වෙච්ච කෙනෙකුත් ඉන්න එකෙන් පේන්නෙ, හා ඒ දාර්ශනිකයව ආරක්ෂා කරන බුද්ධිමතුන් රොත්තක්මත් අත්සන් කර තිබීමෙන් පේන්නෙ එක කාන්තාවකට එරෙහි වෛරී ව්‍යාපාර එපා, ඒත් අනිත් ඕනම කාන්තාවකට එරෙහි ලිංගික අඩම්තේට්ටම් කරාට කමක් නැහැ කියන එකද?

මහාචාර්ය නිර්මාල් රංජිත් තමා ඒ දාර්ශනිනකයගෙ ප්‍රධානම ආරක්ෂකය. එයා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරයිද දන්නෙත් නැහැ, මොකද එයා මේ වගේ කාන්තා හිංසන ගැන හරිම සංවේදියි. ඒ දාර්ශනිකයගෙම ලිංගික අඩංතේට්ටමට ලක්වුන නිර්මාල්ගෙ නෑදෑ කාන්තාවකුත් ඒකෙ අස්සන ගහල තියෙනවා. නිර්මාල්මයි මට ඒ අඩංතේට්ටම ගැන කිව්වෙ. ඊට පස්සෙ මම ඒක ෆේස්බුක් එකේ ලිව්වත් එක්ක!

FB

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *