හර්ෂ ෆේස්බුක් එකේ X සටහනක් දාලා…! – අධ්‍යාපන නි. අමාත්‍ය මහින්ද ජයසිංහ…

August 17, 2025 at 9:54 am | by Namal

අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දේශපාලන සංවාද වැඩසටහනක දී සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් මේ වන විට සමාජ මාධ්‍යවල දැඩි හාස්‍යට ලක්ව තිබේ.

ඔහු එහි දී “හර්ෂ ද සිල්වා ඔහුගේ ෆේස්බුක් එකේ X සටහනක් දානවා” යැයි පැවසීම මෙම තත්ත්වයට හේතු වී ඇත.

මේ රටේ අධ්‍යාපනය පිළිබඳ තීන්දු ගන්නේ Facebook සහ X (පෙර Twitter) යනු සමාජ මාධ්‍ය ජාල දෙකක් බවට වන බව මූලික දැනුමවත් නොමැති ඇමතිවරු ද යන්න සමාජ මාධ්‍යවල දැඩිව ප්‍රශ්න කරයි.

මහින්ද ජයසිංහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය කාරක සභාව විසින් අධ්‍යාපන කවුන්සිලයක් පිහිටුවීම පිළිබඳ උප කමිටුවේ ද සභාපති වශයෙන් ද කටයුතු කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා පාර්ලිමේන්තුවේදී “SMS, WhatsApp, Email යවන්න දන්නේ නැති ගුරුවරුන් ඉන්නවා” යැයි පැවසූ අවස්ථාවේ එම නිගමනයට ආවේ සිය පක්ෂයේ ගුරු වෘත්තීය සමිති නායක මහින්ද ජයසිංහ දෙස බලා දැයි සමාජ මාධ්‍යවල ප්‍රශ්න කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස