හය වසර අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හකුළා ගනී…!

January 14, 2026 at 8:29 am | by emanisa.lk

‍6 ශ්‍රේණිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීම 2027 දි සිදු කිරීමට රජය තීරණය කර තිබේ.

01 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාමාන්‍ය පරිදි 2026 වසරේ සිට ක්‍රියාත්මක කෙරෙනු ඇත.

ඊයේ (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කර සිටියේය.

නව මොඩියුලවල වැරදි විෂය කරුණු ඇතුළත් වීම, භාෂා දෝෂ සහ සමරිසි යොමු ආදිය නිසා පසුගිය සමයේ විශාල ආන්දෝලනයක් ඇති විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *